
පිංසාර හිතගාව සංසාරේ නවතින්න
ගන්දෑලේ පන්සලෙදී පිංපිරුව මම්
නෙතු පාන හසරැල්ල කරකාර බැදගන්න
තුන් යාමේ රෑ අහසේ කවි ලියුවා මම්
පෙම් පාට නුඹෙ මුහුනෙ මගෙ දෙතොල සඟවන්න
දම්පාට හැන්දෑවේ මග බලුවෙ මම්
කවිකාර හිත අස්සෙ සඟවාපු කවි දෙන්න
සංසාරෙ හැමදාම නුඹ සොයමි මම්
හිමිකාරි නොවුනාට ජීවිතේ සනසන්න
හිතගාව හොර රහසෙ දැවටෙන්නෙ මම්
හැමදාම මේ ලෙසම ඇස් අස්සෙ හිනහෙන්න
පිංපාට නුඹෙ සිහිනෙ හැංගෙන්නෙ මම්

