Tuesday, February 23, 2010


පිංසාර හිතගාව සංසාරේ නවතින්න
ගන්දෑලේ පන්සලෙදී පිංපිරුව මම්
නෙතු පාන හසරැල්ල කරකාර බැදගන්න
තුන් යාමේ රෑ අහසේ කවි ලියුවා මම්
පෙම් පාට නුඹෙ මුහුනෙ මගෙ දෙතොල සඟවන්න
දම්පාට හැන්දෑවේ මග බලුවෙ මම්
කවිකාර හිත අස්සෙ සඟවාපු කවි දෙන්න
සංසාරෙ හැමදාම නුඹ සොයමි මම්
හිමිකාරි නොවුනාට ජීවිතේ සනසන්න
හිතගාව හොර රහසෙ දැවටෙන්නෙ මම්
හැමදාම මේ ලෙසම ඇස් අස්සෙ හිනහෙන්න
පිංපාට නුඹෙ සිහිනෙ හැංගෙන්නෙ මම්

අසෙනි වැසි වැටුනි.......
ගඟදිය බොරව් උතුරා ගිය හෙයිනි......
සමනල යුගයක කොද කුමුදු මල් පිපුණි.....
ගිම්හානය ආ සෙයිනි....
මල් පරව බිම වැටුනි......
වසන්තය ගිය නිකම්......
ඉඩෝරය යලි පැමිණි......
කෙම්බිම් සියල්ල වියලී ඉරි තැලිණි....
රිදී සඳ ගිය සැන්ගි....
හිත් අහස අදුරේම මියදුනා මට දැනුණි

Monday, February 22, 2010


මලෙහි රුව සුවද මිස
නොදුටුවෙමි නටුවෙ කටු
කටුසරින් පෑරුණු හදින්
ඉදින් පසුතැවෙන්නෙමි